‘මම අස්වෙනවා’ – බැසිල් කියයි

හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයෙන් ඉවත්වීමට තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආරංචි මාර්ග සඳහන් කරයි.

ජාතික ලැයිස්තුවෙන් පත් වූ ඒ මහතා ඉවත් වීමෙන් පසු හිස්වන මන්ත්‍රී ධුරයට මෙරට ප්‍රකට ව්‍යාපාරිකයකු පත්වීමට ඉඩකඩ ඇතැයි ද වාර්තා වේ.

බැසිල් රාජපක්‍ෂ මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බවට පැතැර යන ආරංචිය ගැන ඊයේ “දිවයින” කළ විමසුමකට පිළිතුරු දෙමින් බැසිල් රාජපක්‍ෂ මහතා ඒ බව තහවුරු කළේය.

මේ අතර ජාතික ලැයිස්තුවෙන් ඒ මහතා ඉවත් වීමෙන් පසු ඇතිවන පුරප්පාඩුවට මෙරට ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරා මහතා පත්වීමට ඉඩ ඇතැයි ද තහවුරු නොකළ ආරංචි මාර්ග ඊයේ සඳහන් කළේය.

මේ අතර ඉකුත් මැයි 09 දින ගාලුමුවදොර අරලියගහ මන්දිරය ඉදිරිපිට සිදුවූ ප්‍රහාරයන්ට හා අගමැති ධුරය දැරූ මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයෙන් ඉවත්වීම සිදු වී අදට (09 දා) මාසයක් සම්පූර්ණ වීම ද විශේෂත්වයකි.