රන්ජන්ගේ පෙම්වතියත් එක්ක මම ගියා – එස් බී කියයි

සිරදඬුවම් විඳිමින් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ගේ සුව දුක් බැලීමට තමන් පෙරේදා දිනයේ අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයට ගිය බව ‍ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා සඳහන් කරයි.

තමන් එම ගමන ගියේ තනිව නොව රන්ජන් රාමනායක මහතාගේ පෙම්වතිය ද සමගින් බව ද ඔහු පැවසීය.

”රන්ජන්ව බලන්න මම ගියේ නිකන් නෙමෙයි. ඔහුගේ පෙම්වතියත් අරගෙනයි මම ගියේ. ඇය වෛද්‍යවරියක්. හේමාස් එකේ වැඩ කරන්නෙ. අපි පැය භාගයක් විතර කතා කරලා ආවා.”

ඔහුට ජනාධිපති සමාව දීම සම්බන්ධයෙන් රන්ජන් රාමනායක විසින් ඉල්ලීමක් කළ යුතු බවද දිසානායක මහතා සඳහන් කළේය.