ICC යෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජිකත්වය අත්හිටුවූ බවට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) නිවේදනය කරයි. 

වගකීම් බරපතළ ලෙස උල්ලංඝණය කර ඇතැයි චෝදනා යටතේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය අද (10) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජිකත්වය අත් හිටුවා ඇත.

කටයුතු ස්වාධීනව කළමනාකරණය කිරීමේ අවශ්‍යතාවය සහ පාලනය, නියාමනය සහ  පරිපාලනයට රජයේ මැදිහත්වීමක් නොමැති බවට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සහතික විය යුතු බව ඔවුන් පෙන්වා දේ.

අත්හිටුවීමේ කොන්දේසි ICC මණ්ඩලය විසින් ඉදිරියේදී තීරණය කරනු ඇත.