මාධ්‍යවේදී චමුදිත සමරවික‍්‍රම මහතාගේ පිළියන්දල නිවසට පහර දීමේ සිද්ධියට සම්බන්ධ පොලිස් පරීක්‍ෂණ නොසිතූ විරූ දිශාවකට යොමුවී ඇතැයි ඒ පිළිබඳ පරීක්‍ෂණ මෙහෙයවන ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.
අලූයම 2.00 ත් 2.20 අතර කාලයේදී මෙම පිරිස පැමිණි මෝටර් රථය පිළිබඳ තොරතුරු සෙවීම සඳහා පිළියන්දල ප‍්‍රදේශයේ මාර්ග දෙපස තිබෙන සියලූම සීසීටීවී දර්ශන ලබා ගැනීමට පමණක් පොලිස් නිලධාරීන් හැටක් යොදවා ඇතැයි ද හෙතෙම කීය.
මෙම ම්ලේච්ඡ හා බියගුලූ ප‍්‍රහාරය සිදුකළ පිරිස හා ඔවුන්ව මෙහෙයවූ අය ඉදිරි පැය කීපයේදී අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් කිහිපයක් පරීක්‍ෂණ ආරම්භ කර ඇත.
ඉකුත් කාලසීමාවේදී මාධ්‍යවේදී චමුදිත සමරවික‍්‍රම මහතා කළ සාකච්ඡුා, සංවාදවලින් පසුව ඔහුට යම් යම් තර්ජන බියවැද්දීම් සිදුකළ පිරිස් පිළිබඳ විමර්ශකයන්ගේ අවධානය යොමුව ඇතැයි ද එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා සඳහන් කළේය.
මාධ්‍යවේදියකුගේ නිවසට පැමිණ අසුචි හා ගල් මුල් ප‍්‍රහාර එල්ල කිරීම පිටුපස විවිධ අරමුණු තිබිය හැකි බැවින් ඒ සියලූම කරුණු පිළිබඳ අවධානය යොමු කර මුලින්ම ප‍්‍රහාරයට පැමිණි පිරිස අත්අඩංගුවට ගැනීම ප‍්‍රමුඛ කාර්යය වී ඇතැයි ද එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා සඳහන් කළේය.