සමෘද්ධිලාභීන්ට ණය සහන

කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් නවතා දමා ඇති සමෘද්ධි ලාභීන්ගේ ව්‍යාපාර හා ස්වයං රැකියා යළි ක්‍රියාත්මක කිරිම සඳහා පොලී රහිත සහනදායි ණය මුදල් ලබාදීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව සමෘද්ධි දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව සමෘද්ධි ලාභීන් වෙනුවෙන් පොලී රහිතව රුපියල් 10,000ක ණය මුදලක් ලබාදීමට මේ වන විට පියවර ගෙන ඇති අතර සියයට 04ක පොලී අනුපාතිකයක් යටතේ රුපියල් 50,000ක ණය මුදලක් ලබා දීමටද පියවර ගන්නා බව සමෘද්ධි දෙපාර්තමේන්තුව පවසයි.