ව්‍යසායකයින්ට 2% පොලියට ණය

ව්‍යවසායකයන් සඳහා 2% පොලී සහනය යටතේ ණය ලබාදීමට කටයුතු කරන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පවසයි.

ආසියානු සංවර්ධන බැංකුව සමඟ එක්ව රුපියල් බිලියන 30 ක් වෙන් කරන බව අමාත්‍ය වරයා පැවසීය.

දැනට රටේ මුලු ජනගහනයෙන් 2.8% ක් ව්‍යවසායකයින් වන අතර 2028 වසර වනවිට එම ප්‍රමාණය 10% ක් දක්වා ඉහළ නැංවීම තම ඉලක්කය බව අමාත්‍යවරයා පැවසුවේ ය.