FB පෙම් යුවලක් විදුලි සැරට බිලි වෙයි

කොළොන්න පොලිස් බල ප්‍රදේශයට අයත් පිටවෙළ ප්‍රදේශයේ ඇති කුරැදු ඉඩමක් තුළදිි තරැණයෙකු සහ තරැණියක අනවසරයෙන් අඳින ලද විදුලි රැහැනට පැටලි  මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

කොළොන්න පිටවෙල ගම පදිංචි සිටි 17 හැවිරිදි තරැණිය සහ නොමිබර් 18,වඩු මඩුව,දික්වැල්ල ,මාතර පදිංචිව 26 හැවිරිදි තරැණයෙකු මෙලෙස මියගොස් ඇත.

මාතර ප්‍රදේශයේ පදිංචිව සිටි තරණයා සමග මෙම තරැණිය මුහුණ පොත ඔස්සේ ප්‍රේම සබදතාවයක් පවත්වාගෙන ගොස් තිබෙි.

තරණයා පෙරේදා (16) දා රාත්‍රියේ යතුරු පැදියකින් මෙම තරැණිය මුණ ගැසිම සදහා කොළොන්න පිටවෙල පිහිටි තරැණියගේ නිවස අසලට පැමිණි තිබෙි.

රාත්‍රියේ තරණයා සහ තරණිය කතා බහ කරමින් සිටි අවස්ථාවෙි තරැණියගේ පියාට ඇසි තිබෙන අතර පියා නිවසේ විදුලි ලාමිපු දල්වා තිබෙි.

එම අවස්ථාවෙිදි තරණයා සහ තරැණිය එයට යාබද තිබුණ කුරැදු ඉඩමකට ගොස් තිබෙන අතර එහිදී එහි හිමිකරැ විසින් සතුන් දඩයම් කිරිම සදහා අඳින ලද අනවර විදුලි රැහැනට පැටලි මොවුන් දොදෙනා මියගොස් ඇත.

එම ඉඩම් හිමියා මෙිි වන විට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවට වාර්තා වෙයි.

සිද්ධිය සමිබන්දයෙන් කොළොන්න පොලිසිය වැඩිදුරට පරික්ෂණ සිදු කරයි.