අමාත්‍යවරුන්ගේ පහසුකම් සලසා ගැනීමට පෙර ජනතාවට පහසුකම් සලසාදීමට කටයුතු කළ යුතුයි – මහින්ද අමරවීර

නව ජනාධිපතිවරයාගේ පත්වීමත් සමඟ රට තුළ වල්වැදී තිබූ නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වීම ආරම්භ වී ඇතැයි මගී ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

හම්බන්තොට වලස්මුල්ල ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

අමාත්‍යවරයා පැවසුවේ නව රාජ්‍ය අමාත්‍යවරුන්ට පත් වීම් ලබා දුන් පසු ඔවුන්ට නැවත අලුත් රථවාහන ලබා ගැනීමට අවශ්‍ය නොවන බවත් දැනට පාවිච්චිකරන වාහන එලෙසම සිය කටයුතු සඳහා යොදා ලත හැකි බවයි.

එමෙන්ම නව ගොඩනැගිලි කුලියට ලබා ගැනීමට ද අවශ්‍යතාවයක නොමැති බවත් කුලී ගොඩනැගි වලින් ඉවත් වී රාජ්‍ය ගොඩනැගිල්ලක අමාත්‍යාංශ පිහිටුවාගැනීමට හැකියාව පවතින බවද ඒ මහතා සඳහන් කළේය.

අමාත්‍යවරුන්ගේ පහසුකම් සලසා ගැනීමට පෙර ජනතාවට පහසුකම් සලසාදීමට කටයුතු කළ යුතු බවද අමාත්‍යවරයා පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දැක්ම අනුව කටයුතු කළේ නම් ඉදිරිය සාර්ථක කර ගත හැකි බවද අමිත්‍යවරයා පැහැදි කළේය.