අයිඩියල් මෝටර්ස් විසින් 2.4 ක් වටිනා mahindra mojo අධිබලැති යතුරුපැදි දෙකක් ශ්‍රී ලංකා පොලීසියට

 

රුපියල් මිලියන ලියන 2.4 ක් පමණ වටිනා mahindra mojo අධිබලැති යතුරුපැදි දෙකක් අයිඩියල් මෝටර්ස් පුද්ගලික සමාගම විසින් ශ්‍රී ලංකා පොලිසියට පරිත්‍යාග කරනු ලැබීය.
 අයිඩියල් ව්‍යාපාර සමූහයේ නිර්මාතෘ හා සභාපති නලීන් වෙල්ගම මහතා විසින් පොලිස්පති සී. ඩී. වික්රමරත්න මහතා වෙත මෙම යතුරුපැදි දෙක පොලිස් මූලස්ථානය දී පසුගියදා ශ්‍රී ලංකා පොලීසිය වෙත පරිත්‍යාග කරනු ලැබිණි.
300cc ධාරිතාවෙන් යුත් මෙම mahindra mojo යතුරුපැදි දෙක ශ්‍රී ලංකා පොලීසියේ රථවාහන කොට්ඨාසය මගින් විශේෂ අවස්ථාවන් සඳහා යොදා ගැනීමට නියමිත අතර ඊට අවශ්‍ය නවීකරණ කටයුතු  අයිඩියල් චොයිස් විසින් සිදුකර තිබේ.
අයිඩියල් මෝටර්ස් පුද්ගලික සමාගම ශ්‍රී ලංකා පොලීසිය සමග ඉතා දීර්ඝ කාලයක සිට සහයෝගයෙන් කටයුතු කරන අතර එය තවදුරටත් වර්ධනය කර ගැනීමේ අරමුණින් මෙම යතුරුපැදි දෙක ශ්‍රී ලංකා පොලීසියට පොලීසිය වෙත ලබා දෙන ලදී.
මේ පිළිබඳව අදහස් දැක් වූ අයිඩියල් ව්‍යාපාර සමූහයේ නිර්මාතෘ හා සභාපති නලීන් වෙල්ගම මහතා, අයිඩියල් මෝටර්ස් සහ ශ්‍රී ලංකා පොලිසිය ඉතා දීර්ඝ කාලයක සිට සහයෝගයෙන් කටයුතු කරනවා. ශ්‍රී ලංකා පොලිසිය මහින්දයි ස්කෝපියෝ ජීප්  රථ සහ මහින්ද්‍රා කැබ් රථ විශාල සංඛ්‍යාවක් භාවිතා කරනවා. මේ වන විට  මහින්ද්‍රා අයිඩියල් වාහන ව්‍යාපාරයට ශ්‍රී ලංකා පොලීසිය සමඟ දශකයකට වඩා වැඩි සෘජු ඉතිහාසයක් තියෙනවා. ශ්රී ලංකා පොලිසියට ස්කෝපියෝ ජීප් රථ සහ කැබ් රථ විශාල ප්‍රමාණයක් අප විසින් ලබා දී තිබෙනවා. එම වාහන සඳහා  අයිඩියල් මෝටර්ස් අලෙවියෙන් පසු අති විශිෂ්ට සේවාවක් ලබා දෙනවා. ඒ සම්බන්ධය තහවුරු කරන අවස්ථාවක් ලෙස නවීන පන්නයේ mahindra mojo යතුරුපැදි දෙකක් පොලිස්පතිතුමාට පරිත්‍යාග කරනු ලැබුවා. අප හා ශ්‍රී ලංකා පොලීසිය අතර තිබෙන සම්බන්ධය, දීර්ඝකාලීන බැඳීමට අපෙන් ලැබෙන තිළිණයක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්. smart mobility නමැති නවීන සංකල්පයට අනුකූල යතුරුපැදි දෙකක් තමයි අයිඩියල් චොයිස් මගින් නවීකරණය කරලා ශී ලංකා පොලිසිය වෙත ප්‍රදානය කළේ යැයි කියා සිටියේය.
  එමෙන්ම මේ වන විට පොලිස් දෙපාර්තමේන්තුව භාවිතා කරන මහින්ද්‍රා ස්කෝපියෝ ජීප් රථ 128ක් පමණ අලුත්වැඩියා කිරීමටද අයිඩියල් මෝටර්ස් කටයුතු යොදා තිබෙනවා.  මීට අමතරව ශ්‍රී ලංකා පොලිසියේ භාවිතයෙන් ඉවත්කර තිබූ තවත් යතුරුපැදි පනස් දෙකක් පමණ නවීකරණය කර යළි ශ්‍රී ලංකා පොලිසිය වෙත ලබාදීමටද අයිඩියල් මෝටර්ස්  කටයුතු කරමින් සිටිනවා. ඒ වගේම දැනට පොලිස් දෙපාර්තමේන්තුව භාවිතා කරන ඕනෑම මාදිලියක යතුරුපැදි අලුත්වැඩියා කරදීමටද අයිඩියල් මෝටර්ස් බලාපොරොත්තු වෙනවා යැයිද නලීන් වෙල්ගම මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
එමෙන්ම අයිඩියල් මෝටර්ස් පුද්ගලික සමාගම විසින් රුපියල් කෝටියකට ආසන්න වටිනාකමින් යුත් මහින්ද්‍රා ගිලන් රථයක්  මධුර විතාන පදනම වෙත පසුගිය මාසයේ පරිත්‍යාග කරනු ලැබුවා. මෙමඟින් කොළඹ දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 60ට වැඩි සහ ආබාධිත, ඔත්පල වූ අය සඳහා අවශ්‍ය එන්නත් ලබාදීමේ කටයුතු මූලික අරමුණු කරගනිමින් මෙම ගිලන් රථ පරිත්‍යාග කරනු ලබයි ලැබුවා යැයි නලීන් වෙල්ගම මහතා වැඩිදුරටත් සඳහන් කළේය.