මහ්මුදුල්ලාහ්ට ටෙස්ට් එපාවෙයි

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක මහ්මුදුල්ලාහ් ටෙස්ට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබේ. හෙතෙම ඔහුගේ වසර 12ක ටෙස්ට් ක්‍රිකට් අවසන් කරන බවට දැනුම්දී ඇතැයි බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය පවසයි.

කෙසේ වෙතත් ඔහු ටෙස්ට් පිටියෙන් සමු ගත්තද තවදුරටත් එක්දින සහ විස්සයි20 තරග ක්‍රීඩා කිරීමට අපේක්ෂාවෙන් පසුවන බව එරට ක්‍රිකට් පාලක මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

මහ්මුදුල්ලාහ්ගේ 2009 වසරේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ටෙස්ට් වරම් හිමිකරගත් අතර, ටෙස්ට් තරග 50කදී ලකුණු 2914ක් රැස් කරගෙන ඇත්තේ ශතක 05ක් සහ අර්ධ ශතක 16ක් රැස් කරමිනි.