ලෝක ළමා දිනයට ජනපතිගෙන් පණිවුඩයක්

ලෝක ළමා දිනය අදයි. ඒ අනුව අපේ රට – අපේ දෑතින්, යන්නයි මෙවර ලෝක ළමා දිනයට සමගාමීව පැවැත්වෙන ලෝක ළමා දින ජාතික සැමරුම් උත්සවයේ තේමාව වේ. ඒ අනුව ‘රටේ අනාගත වත්කම වන දරු පරුපුර දැනුමෙන් පෝෂණය කොට කුසලතා වර්ධනය සඳහා අවස්ථාව සලසා දීම සමස්ත සමාජයේම වගකීමක් වන බවත් දරුවන්ගේ කායික, මානසික පෝෂණය මෙන්ම යහවපැවැත්ම තහවුරු කිරීම ප‍්‍රමුඛ කාලීන අවශ්‍යතාවක් බවත් ලෝක ළමා දිනය වෙනුවෙන් ජනාධිපතිවරයා නිකුත් කළ පණිවුඩයේ සඳහන් වේ.