නෙදර්ලන්ත විදේශ අමාත්‍ය ස්ටෙපාන් ඒබ්‍රහම් බ්ලොක් ශ්‍රී ලංකාවට

නෙදර්ලන්ත විදේශ අමාත්‍ය ස්ටෙපාන් ඒබ්‍රහම් බ්ලොක් (Stephanuf Abraham Block ) ශ්‍රී ලංකාවේ සංචාරයක් සදහා ඊයේ (18) සවස කටුනායක ගුවන් තොටුපළ වෙත දෙදින නිල සංචාරයක් සදහා පැමිණියේය.

ඔහු සමඟ , එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් දෙදෙනකු ද දූත පිරිස ලෙස පැමිණ සිටියහ.

මෙම පිරිස අද සවස 4.35 ට ඉන්දියාවේ කොචින් සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 166 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ.

ඔවුන් ජනාධිපති , අගමැති , විදේශ ඇමති සහ විපක්ෂනායක ද හමු වී සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

ඔවුන්  මෙම ශ්‍රී ලංකා සංචාරය නිමා කර අද (19) සවස ආපසු පිටත්ව යෑමට නියමිතය.