ශ්‍රී ලාංකිකයන්ට දකුණු කොරියාවේ වැඩි රැකියා අවස්ථා

ශ්‍රී ලංකාවට රැකියා, වෘත්තීය පුහුණු සහ ආයෝජන අවස්ථා ප්‍රවර්ධනය සදහා දකුණු කොරියානු රජයේ සහාය ලබාදෙන බව එරට ජාතික සභාවේ කතානායක පාර්ක් බ්යෝන්ග් සියෝග් සඳහන් කර ඇති බව පැවැසේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමඟ ජනාධිපති කාර්යාලයේ දී පැවති හමුවේදී ඔහු මේ බව සඳහන් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මෙරට තුළ ආයෝජන අවස්ථා සඳහා කොරියාවේ ප්‍රධාන පෙළේ සමාගම් දිරිගන්වන ලෙස ද ජනාධිපතිවරයා එහිදි පාර්ක් බ්යෝන්ග් සියෝග්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

මෙරට ශ්‍රමිකයින්ට දකුණු කොරියාවේ ශ්‍රම වෙළෙඳ පොළෙහි වැඩි අවස්ථාවක් ලබාදෙන ලෙස කළ ඉල්ලීම ඉටුකිරීමට පියවර ගන්නා බව ද සියෝග් මහතා එහිදි ජනාධිපතිවරයා දැනුවත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.
මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.