පානදුර ක්‍රීඩා සමාජයේ කිසිම ගැටුමක් නැහැ – සභාපති සහ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ජයන්ත සිල්වා

ඔය කියන දවසෙ අපි චිචී ගහන මැච් එකක් එකට බල බලා හිටියේ

පානදුර ක්‍රීඩා සමාජයේ සභාපති ජයන්ත සිල්වාට එම ක්‍රීඩා සමාජයේ තරග ලේකම්වරයා විසින් ගුටි ඇනීමක් සිදුකර ඇති බවට මාධ්‍ය මුලා කරමින් යම් තැනැත්තකු විසින් සිදුකර ඇති අසත්‍ය ප්‍රචාරය ශ්‍රී ලංකන් ටයිම්ස් නොමග යවා තිබේ. ඒ සම්බන්ධව අපි කණගාටුව ප්‍රකාශ කර සිටිමු.
මේ සම්බන්ධයෙන් පානදුර ක්‍රීඩා සමාජයේ තරග ලේකම්වරයා වන චමින්ද මහතාගෙන් ශ්‍රී ලංකන් ටයිම්ස් විමසන ලදුව; ‘ඔහු ප්‍රකාශ කර සිටියේ ඇත්තටම අපි දෙන්නා හොඳ යාලුවන්. එහෙම දෙයක් සිදු වුණේ නැහැ. ඔය කියන දවසෙ අපි චිචී ගහන මැච් එකක් එකට බල බලා හිටියේ. යනුවෙනි.
කෙසේ වෙතත් සභාපතිවරයාව සහ තරග ලේකම්වරයාව ඉලක්ක කරමින් එම ක්‍රීඩා සමාජයට සම්බන්ධ පුද්ගලයකු විසින් එම ප්‍රවෘත්තිය මවා පෙන්වා තිබේ. මේ සම්බන්ධයෙන් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයකු මෙන්ම වත්මන් පානදුර ක්‍රීඩා සමාජයේ සභාපති ජයන්ත සිල්වා ශ්‍රී ලංකන් ටයිම්ස් කළ විමසීමකදී පවසා සිටියේ”
“අපි එදා කමිටු රැස්වීමක් තිබ්බා. ව්‍යවස්තාව ගැන කතා කළා. නමුත් ඔය කියන ගහ ගැනිල්ලක් සිදුවුණේ නැහැ. අනිත් එක තරග ලේකම් චමින්දයි මමයි අවුරුදු ගාණක් තිස්සෙ යාලුවන්. අපිට මඩ ගහන්න කරපු දෙයක් තමයි මේක. අපි එදා නවයට විතර රැස්වීම පටන් අරන් එකට විතර අවසන් කළා චිචී (රෝහිත රාජපක්ෂ) ගහන මැච් එකත් අපි බල බලා තමයි හිටියේ.