ඉතාලිය, දකුණු කොරියාව සහ ඉරානයේ සිට මෙරටට ඒම තාවකාලිකව තහනම් කෙරේ

ඉතාලිය, දකුණු කොරියාව සහ ඉරානයේ සිට පැමිණෙන සියලුම මගීන්ට මෙරටට ඇතුළුවීම අද සිට (13 වනිදා) තාවකාලිකව තහනම් කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය තවදුරටත් ව්‍යාප්තවීම වැළක්වීම වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ උපදෙස් පරිදි එම පියවර ගත් බව සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
මේ අතර කොරෝනා වෛරසය ව්‍යප්ත වූ රටවල සිට මෙරටට පැමිණි පුද්ගලයින් නිරෝධායනය කිරීම සඳහා තවත් මධ්‍යස්ථාන දෙකක් විවෘත කිරීමට පියවරගෙන තිබේ. දියතලාව සහ කහගොල්ල යන ප්‍රදේශවල එම නිරෝධයන මධ්‍යස්ථාන දෙක විවෘත කර ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් කියා සිටී.