රාජාංගණයේ නිරෝධායනය වන පුද්ගලයන් දෙවැනි වරටත් පීසීආර් පරීක්‍ෂණවලට යොමු කරයි

නිරෝධායනයට ලක්කර සිටින රාජාංගණය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙවැනි වරටත් පීසීආර් පරීක්‍ෂණයකට ලක් කිරීමට පියවර ගෙන ඇත. අනුරාධපුර ප්‍රාදේශීය වසංගත රෝග ඒකකය මගින් අදාළ පීසීආර් පරීක්‍ෂණ කටයුතු අද සිදුකිරීමට නියමිතය. මේ වන විට රාජාංගණය ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන කොවිඩ් 19 ආසාදිතයන් 19 දෙනෙකු හමුවී තිබේ. නිරෝධායනයට ලක් කර ඇති පුද්ගලයන් 1159 අතරින් පළමු වටයේදී 900ක් පමණ සිදුකර තිබුණි