පිටකොටුවේ දෙවන හරස් වීදියේ ගින්නෙන් තුවාල ලැබූ කාන්තාවක් මරුට

ඔක්තෝබර් මස 27 වන දින පිටකොටුව දෙවන හරස් වීදියේ රෙදිපිළි වෙළෙඳසැලක ඇතිවූ ගින්න හේතුවෙන් තුවාල ලබා ප්‍රථිකාර ලබමින් සිටි කාන්තාවක් මිය ගොස් තිබේ.

කොළඹ ජාතික රෝහලේ නේවාසිකව දැඩිසත්කාර ඒකකයේ  ප්‍රථිකාර ලබමින් සිටි වයස අවුරුදු 21 ක් වන මරණයට පත් කාන්තාව වටගොඩවත්ත, වටගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියකි.

මෘත ශරීරය කොළඹ ජාතික රොහලේ තැන්පත් කර ඇත. පිටකොටුව පොලිසිය මෙම අනතුර පිලිබඳ වැඩිදුර විමර් ශන සිදු කර ගෙන යනු ලබයි.