කලුතර හා හැටන් වලින් සැක කටයුතු මරණ දෙකක්

නොවැම්බර් 3න් වනදා රාත්‍රියේ කළුතර උතුර පොලිස් වසමේ මහ වස්කඩුව ප්‍රදේශයේදී පොල්ලකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර ඇති බවට කළුතර උතුර පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.

මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 67 ක් වන මහ වස්කඩුව ප්‍රදේශයේ පදිංචි කරුවෙක් වන අතර ඔහුගේ මිතුරෙකු සමඟ රාත්‍රී කාලයේ මත්පැන් පානය කරමින් සිටි අතර දෙදෙනා අතර ඇතිවූ ආරවුලක් දුරදිගයාමෙන් එම මිතුරා විසින් මරණකරුට පොල්ලකින් පහරදී මෙම ඝාතනය සිදුවී ඇති බව විමර්ශනයේදී අනාවරණය වී ඇත.

පහරදීම සිදුකල සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. මෘත ශරීරය කළුතර නාගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර, කළුතර උතුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකර ගෙන යනු ලබයි.

මීට අමතරව හැටන් පොලිස් වසමේ හැටන් කොළඹ ප්‍රධාන මාර් ගයේ ස්ටැඩන් වත්ත ප්‍රදේශයේ ඇති බෝක්කුවකින් පහල සැකකටයුතු ලෙස මියගිය පුද්ගල මෘත ශරීරයක් හමු වී තිබේ.

මරණයට පත් තැනැත්තා වයස අවුරුදු 41 ක් වූ පැෂන් වත්ත, හැටන් ප්‍රදේශයේ පදිංචි කරුවෙකු බවට අනාවරණය වී ඇත. ඔක්තෝබර් 30 වන දින සිට මෙම පුද්ගලයා අතුරුදහන්වී ඇති බවට හැටන් පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක්ද ලැබී ඇත.

හැටන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කර ගෙන යනු ලබයි.