ඩෙංගු හිස ඔසවයි

දිවයින පුරා අධි අවදානම් කලාප 36 ක්..

දිවයින පුරා ඩෙංගු අධි අවදානම් කලාප සංඛ්‍යාව ඉහළ යමින් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය නලින් ආරියරත්න මහතා පවසයි.

ඔහුට අනුව මේ වනවිට ඩෙංගු අධි අවදානම් කලාප සංඛ්‍යාව 36 ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 69,008 ක් වාර් තා වී තිබේ.

පසුගිය මාසයේ පමනක් රෝගීන් 4,000ක් වාර්තා වී ඇති බව ඩෙංගු මර්දන ඒකකය පවසයි.