වී මෙට්‍රික් ටොන් 10,000 ක් මිලදී ගැනීමට සූදානමක්

එළැඹෙන කන්නයේදී වී මෙට්‍රික් ටොන් 10,000 ක් මිලදී ගැනීමේ අපේක්ෂා කරන බව වී අලෙවි මණ්ඩලය පවසයි

වී අලෙවි මණ්ඩලයේ සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ මහතා පැවසුවේ කෙසේ වෙතත් කන්නයේ සමස්ත අස්වැන්න මිලදී ගැනීමට හැකියාවක් නොමැති බවයි.

නමුත් එළැඹෙන කන්නයේ සම්පූර්ණ අස්වැන්නෙන් 5% ක් වැනි ප්‍රතිශතයක් හෝ මිලදී ගැනීමට අපේක්ෂා කරන බව ඔහු සඳහන් කළේ ය.