අඹු සැමි ආරවුල විසදන්න වනාතවිල්ලුව OIC බිරියව කාමරයකට උස්සයි

වනාතවිල්ලුව පොලීසියේ ස්ථානාධිපතිවරයා පුත්තලම හෝටල් කාමරයකදී කාන්තාවක සමග සිටියදී හසුවී අත්අඩංගුවට ගත් පුවත පසුපස දිවෙන ‘අමුතු කතාව‘ පොලිසියේ කීර්ති නාමයට මහත් කැලලකි.
කෙනෙකු පොලිසියට යන්නේ තමන්ට සිදුවූ අසාධාරණයක් වෙනුවෙන් සාධාරණය ඉටු කරගන්නටය. නමුත් වඳින්න ගිය දේවාලය ඉහේ කඩා වැටීමක් වැනි මෙවැනි සිදුවීම් අද සුලබය.
ව්‍යාපාරික සැමියෙකු හා ඔහුගේ රූමත් බිරිය අතර පසුගිය කාලයේ පැවති ආරවුල් සහගත තත්වයක් මෙම සංසිද්දිය පසුපස තිබේ.
වනාතවිල්ලුව පොලීසියේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කරන පනස් හැවිරිදි ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා හමුවේ පසුගිය කාලයේ සැමියෙකු හා බිරියක වරින්වර පැමිණිලි ඉදිරිපත් කරමින් ඔවුනගේ කතාව කියා තිබේ.
වනාතවිල්ලුව ප්‍රදේශයේ ව්‍යාපාරයක් සිදුකරමින් සිටින මෙම සැමියා තම බිරිය අනියම් ඇසුරක් ඇති බවත් තමන්ගේ වස්තුව සොරාගෙන අනියම් පුරුෂයාට ලබාදී ඇති බවත් කියමින් අඬදබර කරගෙන තිබේ. මේ ගැන සොයා බලන ලෙස ඔහු පොලිසියට පැමිණිල්ලක් කර ඇති අතර මේ හේතුවෙන් පොලිස් ස්ථානයට බිරියටද යන්න එන්න සිදුව ඇත.
රූමත් කාන්තාවක පොලිසියේ සැරිසරද්දී ඒ කවර කරුනු නිසාදැයි සොයා බලා ඇති ස්ථානාධිපතිවරයා සුළු පැමිණිල්ලක් වුවද එය තමන්ම විභාග කළ යුතු බවට තීරණය කර ඇය කැඳවා ඒ ගැන විමසා ඇත. එම අවස්ථාවේ තමන්ගේ පැත්තෙන් ඒ ගැන කරුණු කිීමට බිරිය ඉදිරිපත්ව ඇත. සැමියා තමාට කරන හිරිහැර ගැන ඇය හඬමින් කරුණු කියා ඇත.
ඒ අනුව ඇගේ කතාව පැය ගණනාවක් තිස්සේ විමසූ ස්ථානාධිපතිවරයා ඇයට උදව් කළ හැකි බවත් සිද්ධිය ගැන ඇයටද පැමිණිල්ලක් කරන ලෙසත් දන්වා ඇත.

අඩදඹර හේතුවෙන් දෙදෙනා වෙන් වෙන්ව එකම නිවසේ ජීවත් වන බවත් පැමිණිලිකාරිය සිය පැමිණිල්ලෙන් දක්වා තිබුණි.
මෙම පැමිණිලි විභාග කිරීම සඳහා වනාතවිල්ලුව පොලිසියේ අවස්ථා ගණනාවක පෙනී සිටීමට සැමියා හා බිරිය පැමිණ තිබූ අතර පසුගිය සතියේ එක් දිනෙක පොලිස් ස්ථානාධිපතිවරයා බිරියට කතා කර දන්වා ඇත්තේ වහා පැමිණෙන ලෙසත් විශේෂ කරුණක් කීමට ඇති බවත්ය.
ඒ අනුව පොලිසියට ඇය ගිය අවස්ථාවේ ස්ථානාධිපතිවරයා දන්වා ඇත්තේ

‘මේ කේස් එක දැන් උසාවියට දාන තැනට ඇවිත්තියෙන්නෙ..ඔයා සල්ලි ගත්ත ඒවා ඔක්කොම විස්තර හස්බන්ඩ් අපට දීල තියනවා. මේක උසාවි ගියොත් ඔයාට ලේසි වෙන්නැහැ. ලක්ෂ ගාණක් ගත්ත සල්ලි ආපහු දෙන්නත් වේවි කරපු වැරදි වලට තවත් දඩ ගසාවි නැත්නම් රිමාන්ඩ් කරන්නත් ඉඩ තියනවා. මොකද හස්බන්ඩ් එවපු ඔක්කොම පැහැදිලි සාක්ෂි හැටියට තමා තියෙන්නෙ..‘

අනේ මං දැන් එහෙනම් මොකද කරන්නේ? ඇය විමසා ඇත.
‘මෙහෙමයි මට මේක හැන්ඩ්ල් කරද්දි පොඩි ෆේවරේෂන් එකක් කරන්න පුළුවන් හැබැයි මේව හැමෝටම කරන්නෙ නැහැ. එකක් තමයි ඔයා මට ලක්ෂයක් ගෙවන්න ඔයාට ලක්ෂ ගාණක් බේරගන්න ලක්ෂයක් විතරයි යන්නෙ..‘
‘මට මේ වෙලාවෙ නං එච්චර ගෙවන්න අමාරුයි.‘ ඇගේ පිලිතුර විය.
‘මෙහෙමයි මං ඔයාට පැහැදිලි කළානෙ බේරෙන විදිය.. දැන් ඔයාට අවස්ථාවක් ලැබිලයි තියෙන්නෙ ඒක පාවිච්චි කරන්න…. හ්ම් හැබැයි ඔයාට ඒක අමාරුනම් තවත් ක්‍රමයක් තියනව…‘
‘ඒ මොකක්ද?
‘මං කියන තැනක හෝටලේක කාමරේකට එන්න පුළුවනි නම් මේ ඔක්කොම බේරල දෙන්නම්..හැබැයි මේක අපි දෙන්න අතරෙ රහසක්.. ‘
‘මං ඒ ගැනකල්පණා කරල කියන්නම්.. සල්ලි හොයාගන්න පුළුවන්ද නැතිනම් වෙන දෙයක්ද කරන්නෙ කියල‘
‘හරි මං ඔයාට හෙට කතා කරනවා ඒ වෙනකොට උත්තරේ ඕන.. එහෙනම් ගිහින් එන්න‘
පොලිස් නිලධාරියා යෝජනාව සිදු කර ඇත්තේ ඒ ආකාරයටය.
පසුව නිවසේ සිට මේ ගැන සංකීර්ණ ලෙස කල්පනා කළ බිරිය අල්ලස් කොමිසම වෙත දුරකථන ඇමතුමක් ලබාදී ‘ලිංගික අල්ලස‘ ගැන පැමිනිල්ලක් කළාය.
අනෙක් පැත්තෙන් ලැබුණ උපදෙස වූයේ අල්ලසට කැමති වන ලෙසත් අනතුරුව වේලාව හා තැන තියන ලෙසත්ය.
අල්ලස් කොමිසම උපාය දූතයන් යොදවා සියලු සාක්ෂි සටහන් කරගනිමින් සිද්ධියට අවතීර්ණ වූයේ ඉන් පසුවය.

පුත්තලම ප්‍රදේශයේ හෝටල් කාමරයකට එන්නට නිලධාරියා අඩ ගැසූ අතර ඇය ඊට කැමැත්තදී වේලාවද ස්ථිර කළාය.
කාමරයේ සිටියදී අල්ලස් නිලධාරීන් මෙම ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ බිරිය කොමිසමේ උපදෙස් පරිදි නාගෙන ඒමට කියා කාමරයේ බාත් රූම් එකේ සැඟවී පණිවිඩය ලබාදී තිබුණි.
සැකකරු පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට අද (29) ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ වංචා දූෂණ විමර්ශන කොමිසම වෙත පැමිණිල්ලක් කර ඇත්තේ වනාතවිල්ලුව ප්‍රදේශයේ දෙදරු මවකි.