කෝටියකට ආසන්න මුදලක් වංචාකල යුවලක් සෙවීමට සහය පතයි

මුදල් වංචාවක් සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවෙකු හා සැකකාරියක් අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහාය පතයි.

පුද්ගලික සමාගමකට අයත් බත්තරමුල්ල, උඩුමුල්ල ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් හා ගෙවත්තක් අලුත්වැඩියා කටයුතු සිදු කිරීම සඳහා රුපියල් අනූනම ලක්ෂ හතලිස් තුන්දහස් එකසිය අටයි සතතුනක (රුපියල් 99,43,108.03) මුදලක් අය කරගෙන එම වටිනාකමට ඉදිකිරීම් නොකර මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මිරිහාන විශේෂ
අපරාධ විමර්ශන අංශය විමර්ශනයක් ආරම්භ කර ඇත.

මෙම වංචාවට අදාල සැකකරු හා සැකකාරිය අංක 31/7 පැපිලියාන පාර, නැදිමාල, දෙහිවල ලිපිනයේ “D’ Marc Solution (PVT) LTD” නැමැති කොන්ත්‍රාත් සමාගමක් පවත්වා ගෙන ගොස් ඇති අතර සැකකාර යුවල එහි හිමිකරු වන් ලෙස කටයුතු කර ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී ඇත.

මොහුන් සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

සැකකරුගේ හා සැකකාරියගේ තොරතුරු පහත පරිදි වේ.

සැකකරු 
නම : විග්නේස්වරන් ගනේෂන්
වයස : අවුරුදු 31 යි
ජා.හැ.අංක : 923394800923394800v
ලිපිනය : අංක 39 කාදිනල් කුරේ මාවත,හැදල, වත්තල

සැකකාරිය
නම : රේවල් නිරෝෂනි රාජරත්නම්
වයස : අවුරුදු 36
ජා.හැ.අංකය : 198763501900
ලිපිනය : අංක 04/4 හිරිබුර හරස් පාර, රිච්මන්ඩ් සිටි, දංගෙදර, ගාල්ල

තොරතුරු දැනුම්දිය යුතු දුරකථන අංක
ස්ථානාධිපති / විශේෂ අපරාධ විමර්ශන අංශය
071 8137373
011 2852556