‘හමුදාවේ අය මරන්න පේ‍්‍රමදාසත් අපිට එදා උදව් කළා’ – කරුණා අම්මාන් කියයි

පසුගියදාආන්දෝලනාත්මක කතාවක් කරමින් හමුදාවේ පන්දහසක් පම ණමරා දැමු බව පැවසු විනයාකමුර්ති මුරලිදරම් අදාළ ප‍්‍රකාශය සත්‍ය බවත් එහි වැරැුද්දක් නොමැති බවත් පවසමින් ඔහුට චෝදනා කරන පිරිසගේ රෙදි ගලවා දමන කතාවක් මාධය හමුවේ අනාවරණය කළේය.
‘‘මම කිව්වේ ඇත්ත කතාවක්. ඒක රහසක් නොවෙයි. අපි එල්.ටී.ටී.ඊ යේ ඉන්න කාලයේ හමුදාවේ 2000 ක් 3000 ක් ඝාතනය කර තිබෙනවා. ඉතින් ඒකෙ ඇති වැරැුද්ද මොකද්ද එහෙම දෙයක් සිදුවුණා කියන එක කාටවත් සඟවන්න දෙයක් නැහැ. මේ ගැන මම මීට ඉහතදීත් ප‍්‍රකාශ කරලා තියෙනවා. කට්ටියක් කෑ ගහනවා මගේ ඒ කතාවට අත්අඩංගුවට ගන්න කියලා. මම වැරැුද්දක් කරන්නෙ නැතිව මාව අත්අඩංගුවට ගන්න කාටවත් බැහැ. එල්.ටී.ටී.ඊ යේ එවැනි දේවල් සිදුවු බව හැමෝම දන්නවා. මම ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ආවේ එල්.ටී.ටී.ඊ යේ ඉදලා.’’
එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ තමාගේ ප‍්‍රශ්නය මතු කරමින් දේශපාලන වාසි ලබා ගැනීමට උත්සහ කරන බවත් ඔවුන් ඉතිහාසයේ කර ඇති දේ සාක්ෂි සහිතව තමන් ඉදිරිපත් කරන්න සූදානම් බවත් කරුණාඅම්මාන් පවසයි.
‘‘මම දකුණේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙම දේශපාලන කුමන්ත‍්‍රණවලට හසු වෙන්න එපා. අපි කාටවත් බොරු කියලා ජනතාව මුලා කරලා නැහැ. කතා කරන්න අයිතිය තියෙනවා. මගේ කතාව සම්බන්ධව කතා කරන්න ජනතා විමුක්ති පෙරමුණටයි එක්සත් ජාතික පක්ෂයටයි කිසිම අයිතියක් නැහැ. එදා එල්.ටී.ටී.ඊ. පෝෂණය කළේ කවුද කියලා දකුණේ ජනතාව දැන ගත යුතුයි. සජිත් පේ‍්‍රමදාසගේ තාත්තා ආර්.පේ‍්‍රමදාස රටේ නායකාව සිටියදී අපිට මුදල් දුන්නා. අවි දුන්නා. වෙනත් දේවල් දුන්නා. ඒ වගේම රයිෆල් 5000 ක් දුන්නා. එහෙම දුන්නෙ නෑ කියනවනම් මම ඒ ගැන සාක්ෂි දෙනවා. ජනතා විමුක්ති පෙරමුණ එදා මේ රටේ 80000 ක් විතර මිනිස්සු මැරුවා. ඔවුන් දේශපාලන නායකයන් මැරුවා. අපි හැමෝ අතින්ම වැරැුදි වෙලා තියෙනවා. ඒ නිසා මම වැරැුදි හදාගෙන ඉන්න කෙනෙක්.’’
කරුණා අම්මාන් මෙවර මහා මැතිවරණයේදී මන්ත‍්‍රී ධුර හතරක් තමාගේ පක්ෂයට ලැබෙනු ඇතැයි පවසන අතර ඔහු ද්‍රවිඩ මහ සභාව යන පක්ෂයෙන් තරග කරන්නේ ද්‍රවිඩ සන්ධානයේ බලය අඩු කිරීමට බවද පවසයි.