ජාතික වස්තුවක් ලෙස නම් කර නැඳුන්ගමුවේ රාජාගේ සිරුර සංරක්‍ෂණයට

දළඳා මාලිගාවේ ශ‍්‍රී දළදා පෙරහැරේ කරඩුව වැඩම කරවූ මියගිය නැඳුන්ගමුවේ රාජා හස්තිරාජයා ජාතික වස්තුවක් ලෙස නම් කර අනාගත පරපුරට දැකබලා ගැනීම සඳහා සිරුර සංරක්‍ෂණය කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා උපදෙස් දී ඇත.

ජනාධිපතිවරයා විසින් මෙසේ උපදෙස් දී ඇත්තේ බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතාටය. මේ සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ජාතික කෞතුකාගාරයේ නිලධාරීන් කණ්ඩායමක් නැඳුන්ගමුවේ හස්තිරාජයා සිටි ගම්පහ වැලිවේරිය නැඳුන්ගමුව වෙත ගොස් ඇත.

චමින්ද සිල්වා