චමුදිතගේ නිවසට පහරදීමේ සිද්ධියට පුෂ්පිකාගෙන් ප‍්‍රශ්න කරයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චමුදිත සමරවික‍්‍රම මහතාගේ නිවසට මැර ප‍්‍රහාරයක් එල්ලකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන පිළියන්දල පොලිසිය විවාහක රූ රැුජින පුෂ්පිකා ද සිල්වා මහත්මියගෙන් ඊයේ (28 දා) පැය දෙකහමාරක් තිස්සේ ප‍්‍රශ්න කර ප‍්‍රකාශ ලබාගෙන ඇත.

චමුදිත සමරවික‍්‍රම මහතාගේ නිවසට එල්ලවූ මැර ප‍්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන පොලිසිය ප‍්‍රකාශයක් ලබා ගැනීමට අවශ්‍ය බව කියමින් පුෂ්පිකා ද සිල්වා මහත්මියට මීට පෙර දැනුම් දීමක් කර තිබිණි. එහෙත් පොලිසිය ලබාදී තිබූ දිනයේ ඇය එම ප‍්‍රකාශය ලබාදීමට නොපැමිණි අතර ඊයේ සවස 3.00 ට පමණ සිය නීතිඥයන් මාර්ගයෙන් පිළියන්දල පොලිසිය වෙත පැමිණියාය.

පසුව ඇයගෙන් සවස 5.30 පමණ වන තෙක් පොලිසිය ප‍්‍රශ්න කර ප‍්‍රකාශ ලබාගෙන ඇත.

පුෂ්පිකා ද සිල්වා මහත්මිය සමග යූටිබුබ් මාධ්‍ය සාකච්ඡුා කිහිපයක් චමුදිත සමරවික‍්‍රම මහතා විසින් පැවැත්වූ අතර එම සාකච්ඡුා ආන්දෝලනයට තුඩුදී තිබිණි.

පසුගියදා චමුදිත සමරවික‍්‍රම මහතාගේ පිළියන්දල පිහිටි නිවසට කඩාවැදුණු නාඳුනන මැර පිරිසක් නිවසට ගල් ගසා අසූචි ප‍්‍රහාර එල්ල කර අහසට වෙඩි තබා පලාගොස් තිබිණි.

හේමන්ත රන්දුණු