රනිල්ට යළිත් පාර්ලිමේන්තුවේ තැනක් එයි

අවසන් වරට පැවැති මහා මැතිවරණයේදී එක්සත් ජතික පක්ෂයෙන් කිසිදු මන්ත‍්‍රීවරයකු තේරී පත් නොවුනද ඡුන්ද ප‍්‍රතිශතය අනුව ජාතික ලැයිස්තුවෙන් එක් මන්ත‍්‍රී අසුනක් හිමිය. එම මන්ත‍්‍රී අසුන වෙනුවෙන් නොයෙක් කඹ ඇඳිලි පසුගිය කාලයේ දක්නට ලැබුණද අවසානයේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාටම එම මන්ත‍්‍රී ධුරය ලබාදීමට කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව තීරණය කර තිබේ.
ඒ අනූව රනිල් වික‍්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ ඉදිරි අසුනක් පිරිනැමීමට නියමිත අතර එළැඹෙන පළමු පාර්ලිමේන්තු සැසිවාරයේදී රනිල් වික‍්‍රමසිංහ මහතා යළිත් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු ලෙස අසුන්ගැනීමට නියමිතව තිබේ.