රඟපෑමෙන් ඈත් වෙලා සිටි හැඩකාර හිතුවක්කාරිය

කාලයක් තිස්සේ රඟපෑමෙන් ඈත් වෙලා සිටි හැඩකාර හිතුවක්කාරිය මේ දිනවල ආයෙත් කරළියට ඇවිත්. ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය වන හිතුවක්කාරී ටෙලිනාට්‍යයේ රන්මිණීගේ චරිතයට පණ පොවන ඇය නමින් එමාෂා සෙනෙවිරත්න.රඟපෑමට ඇති අසීමිත කැමැත්ත නිසාම උසස් අධ්‍යාපනය කටයුතු සඳහා විදේශගතවීමේ තීරණය පවා වෙනස් කළා කියලා තමයි එමාෂා මීවිත එක්ක කීවෙ.

* කාලෙකට පස්සේ එමාෂා හිතුවක්කාර තීරණයක් අරන් නේද?.

කොවිඞ් නිසා නිවසේ අයගේත් ,රටේ සියලූ දෙනාගේත් ආරක්ෂාව වෙනුවෙන් වගකිවයුතු පුරවැසියෙක් විදියට මම පහුගිය කාලයේ නිවසටම වෙලා හිටියා. රඟපෑමට ලැබුණ ආරාධනා භාර ගැනීම පවා සීමා කළා.මේ දවස්වලනම් නිර්මාණ කිහිපයක වැඩ භාර අරගෙන තියෙනවා.

* හිතුවක්කාරී ගැන මතක් කළොත් ?

හිතුවක්කාරී කියන්නේ ස්වාධීන රූපවාහිනී සේවයෙන් විකාශය වීම ආරම්භ වූ අලූත්ම ටෙලිනාට්‍යය. මහේෂ් රත්සර මද්දුම ආරච්චි මහත්මයාගේ අතින් ලියැවෙන හිතුවක්කාරී අධ්‍යක්ෂණය ජී. නන්දසේන මහතා විසින් සිදු කරනවා. කුෂාන් ටෙලි ෆිල්ම්ස් තමයි නිෂ්පාදන සහාය දක්වන්නේ. හිතුවක්කාරී ආදරය, කුතුහලය ,සිනහව මුසුවුණු සියලූ දෙනාටම නැරඹිය හැකි අපූරු කතාවක්.

* රන්මිණීගේ චරිතය ගැනත් කතා කරමු ?

මේ කතාවේ ප‍්‍රධාන චරිතය, හිතුවක්කාරිය තමයි රන්මිණී කියන්නේ .ඇය අම්මගේ, තාත්තගේ සෙවණේ හැදිලා වැඩුණු,ගෙදරටම කොටු වෙලා ඉන්න ගෑණු ළමයෙක්. එයා ගෙයින් එළියට බහින්නේ අත්‍යවශ්‍ය දේකට විතරයි.

හැබැයි රන්මිණී හොඳට ඉගෙන ගත්ත කෙනෙක් .තමන්ගේ දුව රජයේ රැුකියාවක් කරනවා දකින එක තමයි රන්මිණීගේ තාත්තාගේ එකම බලාපොරොත්තුව.නමුත් රන්මිණී කැමැතියි අලූත් රැුකියාවක් හොයාගන්න.එයාට හීන ගොඩක් තියෙනවා. නමුත් තාත්තාගේ නීති එක්ක රන්මිණී අභියෝග දරාගෙන කොහොමද ඉදිරියට යන්නේ කියන දේ පදනම් කරගෙන තමයි හිතුවක්කාරී කතාව ගෙතිලා තියෙන්නේ.

එමාෂා ගත්තු හිතුවක්කාර තීරණය

* රන්මිණීගේ චරිතයට හිතුවක්කාරී කණ්ඩායමෙන් ලැබෙන සහයෝගය ?

ප‍්‍රවීණ වගේම නවක දක්ෂ රංගන ශිල්පීන් ශිල්පිණියන් රැුසක් හිතුවක්කාරී හැඩ කරනවා.සාරංග දිසාසේකර, ශ‍්‍රියන්ත මෙන්ඩිස්, මීනා කුමාරි, හර්ෂි රසාංගා, අනුරාධා එදිරිසිංහ, සූර්යා දයාරුවන්, සම්පත් ජයවීර, ශාන්ත ගාල්ලගේ, ධනංජි තාරුකා, පබසරා වැනි ගොඩක් ආදරණීය චරිත රැුසක් මට විශාල සහයෝගයක් ලබා දෙනවා.

*රංගනයට ලැබෙන දෙවෙනි ආරාධනාව ප‍්‍රධාන චරිතයකට වීම ගැන මොකද හිතෙන්නේ?

රංගනයට එකතු වීම ඇත්තෙන්ම නොහිතපු වෙලාවක සිදුවුණු දෙයක්.සහේලි චරිතයට කෙනෙක් තෝරන වෙලාවේ ප‍්‍රභාත් චතුරංග අයියා තමයි ඉන්ස්ටග‍්‍රෑම් එකේ මගේ ෆොටෝස් දැකලා දෙවෙනි ඉනිම අධ්‍යක්ෂකවරයාට පෙන්නලා තිබුණේ. ඉතින් ස්ක‍්‍රීන්ටෙස්ට් එකට ගියාට පස්සේ මාව ඒ චරිතයට තෝරගත්තා. මම කලින් වෙළෙඳ දැන්වීම් වල රඟපාලා තියෙනවා. මියුසික් වීඩියෝ ගණනාවක රඟපාලා තියෙනවා.ඊට පස්සේ දිගටම රඟපෑමට ආරාධනා ලැබුණත් ඉගෙනීම් කටයුතු එක්ක ඒ ආරාධනා භාරගත්තේ නෑ. මගේ දෙවෙනි නිර්මාණය තමයි හිතුවක්කාරී කියලා කියන්නේ. හිතුවක්කාරී ටෙලිනාට්‍යයේ ප‍්‍රධාන චරිතය රඟපෑමට ලැබීම විශාල සතුටක් සහ භාග්‍යක්. ඒ වගේම සිරිතුංග පෙරේරා මහත්මයාගේ සිහිනෙක පෑයූ දේදුන්නක් සේ ටෙලිනාට්‍යයේත් මම ප‍්‍රධාන චරිතයට රඟපෑවා. ඉදිරියේදී ඒ නිර්මාණය තුළිනුත් පේ‍්‍රක්ෂකයන්ට මාව දැකගන්න පුළුවන්.

* රඟපෑම නිසා අධ්‍යාපනය කටයුතු අතරමඟ නතර කළාද?

නෑ. මම මගේ ඉගෙනීම් කටයුතු රඟපාන අතරේම කර ගත්තා. අයර්ලන්තයේ ඩබ්ලින් විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී කළමණාකරණ ගෞරව උපාධිය පළමු පෙළ සාමාර්ථයක් සමඟ සමත් වුණා. එංගලන්තයේ වෙස්ට් ලන්ඩන් විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර පරිපාලන පශ්චාත් උපාධිය ලබාගත්තා. මම කාලය නාස්ති නොකරම මගේ අධ්‍යාපන කටයුතුකර ගත්තා.

* වෘත්තිය ලෙසින් රංගනය තෝරා ගන්නවාද?

මට රඟපෑම වෘත්තිය කර ගැනීමේ බලාපොරොත්තුවක් නැහැ. මම ඉගෙන ගත්ත දේවලූත් එක්ක මගේම ව්‍යාපාරයක් ආරම්භ කරලා තියෙන්නේ. ඒ යටතේම අලූතින් ්‍ය්බ‘හ‘ි ජකදඑයසබට ගකන නමින් ඇඳුම් ව්‍යාපාරයක් ආරම්භ කරන්නත් කටයුතු සූදානම් කරලා තියෙනවා. ඊට අමතරව ආයතන කිහිපයක සන්නාම තානාපතිවරියක් හැටියටත් සේවය කරනවා.

* එමාෂා මේ තරම් දුර ආව ගමන් ගැනත් මතක් කරමු ?

රංගනය වගේම අධ්‍යාපනය පැත්තෙනුත් මම ආපු ගමන ගැන මට විශාල සතුටක් තියෙනවා. මගේ තාත්තා ඉංජිනේරුවරයෙක්. අම්මා ඉංග‍්‍රීසි සහ තාක්ෂණ ගුරුවරියක්. ඒ වගේම නියෝජ්‍ය විදුහල්පතිවරියක්. සහෝදරයා තිළිණ බෙන් ක්‍සබැප්එදටර්චයැර කෙනෙක්. එයාලගෙන් හැමදාමත් මට ලැබෙන සහයෝගයේ වටිනාකම මෙච්චරයි කියන්න බැහැ.

නිරෝෂා වාසල