රන්ජන්ට සහනයක්…

අධිකරණයට අපහාස කිරීමේ වරදට වසර හතරක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියමව සිටින රන්ජන් රාමනායක ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් මෙම මස 12 වැනිදා වන තෙක් කිසිදු පියවරක් නොගෙන දැනට පවතින තත්ත්වයෙන්ම පවත්වාගෙන යන ලෙස අභියාචනාධිකරණය අද පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට නියෝග කර තිබේ. ඒ සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීම වලක්වන ලෙස ඉල්ලා රන්ජන් රාමනායක විසින් ගොනු කල රිට් පෙත්සම සලකා බැලීමෙන් අනත-ුරුව වේ.
අර්ජුන ඔබේසේකරල සෝභිත රාජකරුණා යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම අද දිනයේදී කැදවනු ලැබු අතර වැඩිදුර කරුණු සලකා බැලීම මෙම මස 11 වෙනිදා සිදුකිරීමට විනිසුරු මඩුල්ල තීරණය කරනු ලැබූහ.
මිනීමැරුම් චෝදනාවට වරදකරු වී මරණ දඬුවම නියම වූ ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තු මැතිවරණ පනතේ වගන්ති අනූව පාර්ලිමේන්තු සැසිවාර සදහා යෑමට පාර්ලිමේන්තු මහලේකම්වරයා අවසර ලබා දුන් බව රංජන් රාමනායක සිය පෙත්සමෙන් අවධාරණය කර සිටී.