සුපිරි නළු ශාරුක් ඛාන්ගේ වැඩිමහල් පුතු අත්අඩංගුවට

සුපිරි නළු ශාරුක් ඛාන්ගේ වැඩිමහල් පුතු වන ආර්යන් ඛාන් මත්ද්‍රව්‍ය චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන්දීය මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශ නිලධාරීන් විසින් මොහු අත්අඩංගුවට ගෙන ඇත.

මුම්බායේ සිට ගෝවා බලායන කොර්ඬේලියා නෞකාවේ සංවිධානය කර තිබූ මත්ද්‍රව්‍ය සාදයකට කඩා වැදුණු නිලධාරීන් ශාරුක්ගේ පුතු ඇතුළු අට දෙනකු අත්අඩංගුවට ගෙන ඇත. මෙම නෞකාවේ අමුත්තන් 1800 ක් සිට තිබේ. පෞද්ගලික සමාගමක් හා රූපවාහිනි නාලිකාවක් මෙම සාදය සංවිධානය කර ඇත.