දකුණු අප්‍රිකාව අඛණ්ඩව දෙවැනි වරටත් ලෝක රග්බි කිරුළ දිනා ගනී

දකුණු අප්‍රිකාව, ප්‍රබල නවසීලන්ත කණ්ඩායම ලකුණු 12ට 11ක් ලෙස පරාජය කරම්න් අඛණ්ඩව දෙවැනි වරටත් රග්බි ලෝක කුසලානය දිනා ගත්තේ ය.

ප්‍රංශයේ දෙ ෆ්‍රාන්ස් (Stade De France) ක්‍රීඩාංගණයේ පැවති අවසන් මහා තරඟයේදී දකුණු අප්‍රිකාව දඬුවම් පහර 4ක් සමඟින් ලකුණු 12 ක් රැස් කර අතර නවසීලන්ත කණ්ඩායම උත්සාහක දිනුමකින් සහ දඬුවම් පහර 2කින් සිය ලකුණු 11 රැස් කළේ ය.

සිව් වතාවක් රග්බි ලෝක කුසලානය දිනා ගත් එකම රට බවට දකුණු අප්‍රිකාව මෙම ජයග්‍රහනයත් සමඟ පත් විය. එමෙන්ම පිරිමි රග්බි ලෝක කුසලානයක අවසන් මහා තරගයකදී රතු කාඩ්පත ලැබූ පළමු පුද්ගලයා බවට නවසීලන්ත නායක සෑම් කේන් (Sam Cane) පත්වීමද විශේෂත්වයක්.

2003 එංගලන්තය රග්බි ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමෙන් පසු පැවති අවසන් රග්බි ලෝක කුසලාන 5ම (RSA 2007, NZL 2011, NZL 2015, RSA 2019, RSA 2023) නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව අතර පමණක් බෙදී යාම ද විශේෂත්වයක්.