රගර් ක්‍රීඩාව විනාශ කරන සුදත්-බොන්සෝ දෙපළ එලෙව්වේ නැති වුණොත් යළිත් තහනමක්

ක්‍රීඩා ඇමැති, අර්ජුන, ශ්‍රියානි, නලින්ද ඇතුළු ක්‍රීඩා සභාවේ සාමාජිකයින් හොරුන්ට ඉඩදී රග්බි විනාශ කරති 

ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ ඉදිරි වැඩකටයුතු අරාජික කර රග්බි ක්‍රීඩාව අතුරු කමිටුවක් දක්වා යලිත් තල්ලු කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයාගේ උපදේශක සුදත් චන්ද්‍රසේකර සහ ක්‍රීඩා අමාත්‍යවරය ලංව තනතුරු ලබාගෙන මෙරට ක්‍රීඩාව විනාශ කරන බොන්සෝ යන අය කටයුතු කරමින් සිටිති.

විශේෂයෙන් මෙම බොන්සෝ නම් පුද්ගලයා ක්‍රීඩා අමාත්‍යංශයට සහ ක්‍රීඩා අමාත්‍යවරයාට ලංව සිටිනුයේ ක්‍රීඩාවේ නාමයෙන් ඔහුගේ බිස්නස් කර ගැනීමට බවත් ක්‍රීඩා අමාත්‍යංශයේ බොහෝ දෙනෙක් මීට දැඩි විරෝධයක්ද පළ කරති.

මොවුන් දෙදෙනාගේ මෙම ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ක්‍රීඩා ඇමැති, ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග, එහි සාමාජිකයින් වන ශ්‍රියානි කුලවංශ, නලින්ද ඉලංගකෝන්, ලසිත ගුණරත්න ඇතුළු සාමාජිකයින් මෙම හොරුන්ට ඉඩදී රග්බි විනාශ කිරීම බලා සිටීම කනගාටුවට කරුණකි.

අමාත්‍යවරයා මොවෙන් දෙදෙනාව වහා තනතුරුවලින් ඉවත් නොකළහොත් මෙරට රග්බි ක්‍රීඩාව පමණක් නොව අනෙකුත් ක්‍රීඩාද විනාශ වීම වැළක්විය නොහැකිය.