ඡන්ද අල්ලස් ඇරඹෙයි, බදුල්ල දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ තාප්පය බැදීමට සහ කාණු දැමීමට රු. මිලියන 50ක ඉල්ලමක්

බදුල්ල දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයට එහි ක්‍රීඩාංගණයේ තාප්පය බැදීමට සහ කාණු දැමීමට කියා ඡන්ද අල්ලසක් ලෙස මෙම සතියේදී රු. මිලියන 50ක කෑෂ් චෙක්පතක් නිකුත් කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාන්‍ය ක්‍රමවේදය වනුයේ මෙවැනි ව්‍යාපෘති සඳහා පළමුව අත්තිකාරම් මුදලක් ලබාදී පසුව වැඩවල ප්‍රගතිය අනුව මුදල් නිකුත් කිරීමයි. කෙසේ වෙතත් මෙහිදී එම ක්‍රමවේදය උල්ලංඝනය කර තිබේ.
බදුල්ල දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ ලේකම් ලෙස කටයුතු කරන බගීදරන් නම් පුද්ගලයා මේවනවිට මෙම සංගමය හරහා කෝටි ගණනක දේපල උපයාගෙන ඇති අතර, නිසි විගණනයකට ලක් කරන ලෙස මේවනවිටත් ක්‍රීඩා අමාත්‍යංශයට පැමිණිලි ලැබී තිබේ.
මෙම සංගමය කිසිදාක ශ්‍රී ලංකා ක්‍රිකට් නිර්දේශ කරන තරගාවලියක් ක්‍රීඩා කර නොමැති අතර, මොවුන්ගේ රැකියාව වී ඇත්තේ මේ ආකාරයෙන් නිසි ක්‍රමවේදවලින් බැහැරව මුදල් ඉපයීම බව එම සංගමයේම පිරිසක් චෝදනා කරති.