විගණනයට බයේ ක්‍රිකට් CEO ඈෂ්ලිගේ ලේකම්ගේ පරිගණකයේ දත්ත මකා ලෙඩ නිවාඩු දමා ගෙදර යවලා

හේතුව විගණනයේදී හොරකම් සියල්ල හසුවන නිසායි
තවත් 05 දෙනෙක් ලෙඩ නිවාඩු දමා ගෙදර යැවීමේ සුදානමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මේවනවිට විශේෂ වෝහාරික විගණනයක් සිදුවන අතර, එහි ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වාගේ ලේකම් වන ෂාමේන් කුට්ටිලන්ව ලෙඩ නිවාඩු දමා ගෙදර යවා තිබේ. ඊට පෙර ඇයගේ පරිගණකයේ දත්ත සියල්ල පෙන්ඩ්‍රයිව් එකකට අරගෙන මකා දමා තිබේ.
මෙම ක්‍රියාව සිදු කර ඇත්තේ ක්‍රිකට් සභාපතිවරයා වන ශම්මි සිල්වා සහ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වාය.
මේ ආකාරයෙන් ඔවුන් කලබල වී ඇත්තේ මේවනවිට සිදු කරගෙන යන විගණනයේදී වත්මන් විධායක කමිටුව සිදු කළ හොරකම් සියල්ල හසුවන නිසාය.
මීට අමතරව තවත් 05 දෙනෙක් ලෙඩ නිවාඩු දමා ගෙදර යැවීමේ සුදානමක් පවතින බව අනාවරණය වේ.
මේවනවිට විශේෂ විගණනය සිදු කරන විගණන නිලධාරීන් ක්‍රිකට් ආයතන පරිශ්‍රයට පැමිණීමට පෙර හොරකම් සියල්ල යට ගැසීමට මෙලෙස ක්‍රිකට් ආයතනයේ සේවය කරන නිලධාරීන්ව ලෙඩ නිවාඩු දමා ගෙදර යවා තිබේ.