ක්‍රිකට් බෝඩ් එකේ ලොක්කෝ ක්‍රීඩකයින් ගෙනෙන ඩොලර්වලින් නළු නිළියන් රට සවාරි යවලා

ඩුබායිහි පැවැත්වුණු ආසියානු කුසලානයට සහ ඔස්ට්‍රේලියාවේ පැවැත්වුණු T20 ලෝක කුසලානයට ක්‍රිකට් බෝඩ් එකේ වියදමින් නළු නිළියන් යවලා 

ඩුබායිහි පැවැත්වුණු ආසියානු කුසලානයට සහ ඔස්ට්‍රේලියාවේ පැවැත්වුණු T20 ලෝක කුසලානයට ක්‍රිකට් බෝඩ් එකේ වියදමින් නළු නිළියන් විශාල පිරිසකට රක්ෂණාවරණ

ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා නළු නිලියන් රැසකට වීසා ලබාගැනීම සඳහා ලිපි නිකුත් කරලා

ශ්‍රී ලංකා ක්‍රිකට් බෝඩ් එකේ මේවනවිට සිදු කරමින් පවතින විශේෂ විගනනයෙන් මුල්‍ය අක්‍රමිකතා රැසක් අනාවරණය වී තිබේ. ඒ අනුව අනාවරණය වූ අලුත්ම මුල්‍ය අක්‍රමිකතාව වන්නේ ක්‍රීඩකයින් ඩහදිය වගුරුවා ගෙනෙන ඩොලර්වලින් විශාල මුදලක් වියදම් කරමින් මෙරට ජනප්‍රිය නළු නිලියන් රැසක් රට සවාරි සඳහා පිටත් කර යවා ඇති බවයි.
ඩුබායිහි පැවැත්වුණු ආසියානු කුසලානයට සහ ඔස්ට්‍රේලියාවේ පැවැත්වුණු T20 ලෝක කුසලානයට ක්‍රිකට් බෝඩ් එකේ වියදමින් නළු නිළියන් යවා ඇති බවත් ඒ සඳහා රු. මිලියන 100කට ආසන්න මුදලක් වැය කර ඇති බවත් අනාවරණය වේ.
මේ සඳහා මූලිකත්වය ගෙන ඇත්තේ ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා සහ ඔහුගේ රූකඩයක් වන ඈෂ්ලි ද සිල්වායි. මෙහිදී ජනප්‍රිය නිළියන් රැසකට ඉවක් බවක් නැතුව යහමින් ඩොලර් මලු ගණන් වියදම් කර ඇති බවත් ඊට කිසිදු අනුමැතියක් ක්‍රීඩා අමාත්‍යාංශය පැත්තෙන් ලබාගෙන නොමැති බවත් තහවුරු වී තිබේ.
මේ අතර සමහර ක්‍රිකට් නිලධාරීන් සිටි හොටල්වලින්ම මෙම නිලියන්ටද හෝටල් කාමර වෙන්කරවා දී ඇතැයිද ඒ සඳහා ක්‍රිකට් බෝඩ් එකේ මුදල් වියදම් කර ඇතැයිද අනාවරණය වේ.
මීට අමතරව පසුගිය වසරේ ඩුබායිහි පැවැත්වුණු ආසියානු කුසලානයට සහ ඔස්ට්‍රේලියාවේ පැවැත්වුණු T20 ලෝක කුසලානයට ක්‍රිකට් බෝඩ් එකේ වියදමින් නළු නිළියන් විශාල පිරිසකට රක්ෂණාවරණ ලබාදී ඇතැයිද කරුණු හෙළිකරගෙන තිබේ.
මෙම තරගාවලි ද්විත්වය සඳහාම ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා නළු නිලියන් රැසකට වීසා ලබාගැනීම සඳහා ලිපි නිකුත් කර ඇති බවද හෙළිව තිබේ.