චන්දිමාල් අයියා වෙමින් මල්ලිලා සමග සිම්බාබ්වේට පහර දෙයි

පැතුම් නිශ්ශංක, දිනේෂ් චන්දිමාල් සහ චරිත් අසලංකගේ විශිෂ්ඨ අර්ධ ශතක ති‍්‍රත්වයේ මහිමයෙන් තරග ති‍්‍රත්වයකින් යුත් සිම්බාබ්වේ – ශ‍්‍රී ලංකා එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ශ‍්‍රී ලංකාව කඩුලූ 5 ක විශිෂ්ඨ ජයග‍්‍රහණයක් ඊයේ (16 වැනිදා) ලබාගත්තේය.

මහනුවර පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී දිවා – රාත‍්‍රි තරගයක් ලෙසින් පැවැති එම තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායම ලබා ගත් ලකුණු 296 පන්දු වාර 48 යි පන්දු 3 ක් තුළදී කඩුලූ 5 ක් දැවී ඉක්මවා යෑමට ශ‍්‍රී ලංකාව සමත්විය.

ශ‍්‍රී ලංකා ඉනිමට සාර්ථක ආරම්භයක් ලබාදුන් පැතුම් නිශ්ශංක පන්දු 71 කදී ලකුණු 75 ක් ලබාගත් අතර ඊට හතරේ පහර 10 ක් ඇතුළත් විය. තරග තහනමෙන් පසුව යළි කණ්ඩායමට එක් වූ කුසල් මෙන්ඩිස් ඊයේ තරගයේදී ශ‍්‍රී ලංකාව වෙනුවෙන් ඉනිම ආරම්භ කළ අනෙක් ආරම්භක පිතිකරුවා වූ අතර කුසල් ලකුණු 26 කට දැවී
ගියේය. එම ලකුණු 26 න් 24 ක්ම හතරේ පහරවල් වලින් ලබාගත් කුසල් මුසරාබානිගේ පන්දුවක් හමුවේ දැවී ගිය අතර කමි`දු මෙන්ඩිස් ලකුණු 17 කට දැවී ගියේය. කමි`දු මෙන්ඩිස්ගේ දැවී යෑමෙන් පසුව දිනේෂ් චන්දිමාල් සමඟ එක්ව ශ‍්‍රී ලංකා ඉනිම ස්ථාවර මට්ටමකට ගෙන ආ පැතුම් නිශ්ශංකගෙන් ඊයේ වාර්තා වූයේ සිය එක් දින තරග දිවියේ කුළු`දුල් අර්ධ ශතකයයි. සිම්බාබ්වේ පන්දු යවන්නන්ගේ පන්දු මැනවින් අවබෝධ කරගෙන පන්දුවට පහර දුන් පැතුම් සිකන්දර් රාසාගේ පන්දුවක් හමුවේ දැවී යනවිට ශ‍්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලූ 3 ක් දැවී ලකුණු 147 ක් ලෙස සටහන් විණි.

අත්දැකීම්වලින් පරිපූර්ණ දිනේෂ් චන්දිමාල් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයාගේ භූමිකාව අකුරට ඉටුකරමින් ශ‍්‍රී ලංකාව ජයග‍්‍රහණය කරා කැ`දවා ගෙන ගියේ ලකුණු 75 කින් කණ්ඩායමට දායකත්වය ලබා දෙමිනි. දිනේෂ් චන්දිමාල් පන්දු 91 කදී ලකුණු 75 ක් ලබාගත් අතර චරිත් අසලංක සිය 4 වැනි අර්ධ ශතකයෙන් ශ‍්‍රී ලංකා ඉනිමට ශක්තිය ගෙන දුන්නේ ජයග‍්‍රහණය සිම්බාබ්වේ කණ්ඩායමෙන් ඈතට රැුගෙන යමිනි. අසලංක පන්දු 68 කදී ලකුණු 71 ක් ලබාගත් අතර ඊට හතරේ පහර 06 ක් සහ හයේ පහර දෙකක් අන්තර්ගත විය.

සිම්බාබ්වේ නායක කේග් අරවින් කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කළ අතර එම තීරණයට සාධාරණත්වයක් ඉෂ්ට කරමින් පිතිකරුවන් කණ්ඩායම් හැඟීමෙන් යුතුව තම යුතුකම් කොටස ඉටු කරන ආකාරයක් දක්නට ලැබුණි.

එහි ප‍්‍රතිඵලයක් ලෙස අගනා ශතකයකින් සහ අර්ධ ශතකයකින් පෝෂණය කරන්නට සිම්බාබ්බේ පිතිකරුවන් සමත් විය. ශ‍්‍රී ලංකා පන්දු යවන්නන්ට එරෙහිව සංයමයෙන් යුතුව පිත්ත හසුරුවමින් අගනා ශතකයක් තමන් නමින් ලියවා ගැනීමට ෂෝන් විලියම්ස් ඊයේ දිනයේදී සමත් වූයේ පිතිකරුවකු සතු ගුණාංග ද ප‍්‍රදර්ශනය කරමිනි. 114.94 ක ප‍්‍රහාරාත්මක වේගයක් රඳවා ගනිමින් පන්දු 87 කට මුහුණ දුන් විලියම්ස් රැුස්කළ ලකුණු 100 ට අගනා හයේ පහර 02 ක් සහ හතරේ පහර 09 ක් අන්තර්ගත විය.

ෂෝන් විලියම්සන්ට අගනා සහයෝගයක් ලබා දෙමින් වටිනා ලකුණු 72 ක් රැුස් කිරීමට රෙගීස් චකබ්වාට හැකි විය. පන්දු 81 කට මුහුණ දෙමින් ලබා ගත් එම ලකුණු සංඛ්‍යාවට එක් හයේ පහරක් සහ 04 පහර 06 ක් අන්තර්ගත කිරීමට ඔහු සමත් විය.

ශ‍්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේදී කැපී පෙනුණු චාමික කරුණාරත්න ලකුණු 69 කට කඩුළු 03 ක් ලබා ගැනීමට සමත් විය. නුවන් ප‍්‍රදීප් ලකුණු 54 කට කඩුලූ 2ක් සහ ජෙෆ්රි වැන්ඩසේ ලකුණු 44 කට කඩුලූ 02ක් දවා ගැනීමට සමත් වූහ.

මෙම තරගයේදී ශ‍්‍රී ලංකාව වෙනුවෙන් වේග පන්දු යවන ක‍්‍රීඩක චාමික ගුණසේකර එක්දින තරග වරම් ලබා ගත් අතර කලවයේ මස් පිඬු වේදනාවක් හේතුවෙන් ඔහුගේ පළමු තරගය එක් පන්දු වාරයකට පමණක් සීමා විය. දෙරට අතර දෙවෙනි තරගය හෙට (18 වැනිදා* දිවා – රාත‍්‍රි තරගයක් ලෙස පැවැත්වේ.

පන්දු යැවීමේදී සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් රිචඞ් ගර්වා කඩුලූ 3 ක් බිඳ හෙළීය.

ලකුණු සාරාංශය

සිම්බාබ්බේ – ෂෝන් විලියම්සන් 100, රෙගීස් චකබ්වා 72, ටකුඞ්ස්වන්ෂේ කයිටානෝ 42, වෙස්ලි මදවේරේ 20

පන්දු යැවීම – චාමික කරුණාරත්න 10-01-69-03 – නුවන් ප‍්‍රදීප් 10-01-54-02 – ජෙෆ්රි වැන්ඩසේ 06-44-02- කමිඳු මෙන්ඩිස් 06-32-01

ශ‍්‍රී ලංකාව – පන්දුවාර 48 යි පන්දු 3 කදී කඩුලූ 5 ක් දැවී 300 දිනේෂ් චන්දිමාල් 75, චරිත් අසලංක 71, පැතුම් නිශ්ශංක 75.

පන්දු යැවීම – මුසරබානි 58-1, රිචඞ් ගර්වා 56-3 සිකන්දර් රාසා 23-1.