ලොව ක්‍රීඩා කණ්ඩායමකට දෙන ඉහළම ආරක්ෂාව ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට – වීඩියෝව නරඹන්න

ලෝක ක්‍රීඩා ඉතිහාසයේ එක් කණ්ඩායමකට ලබා දෙන ඉහළම ආරක්ෂාව පාකිස්තානයේදී ශ්‍රී ලංකා පිලට හිමිව තිබේ. 8500 ක ආරක්ෂක නිලධාරීන් සහ නවීන ස්කෑන් ක‍්‍රමවේදයන් ඔස්සේ එම ආරක්ෂාව ලබාදීමට පාකිස්තාන් රජය සහ එරට ක්‍රිකට් ආයතනය කටයුතු යොදා තිබීම විශේෂත්වයකි.

වෙඩි නොවදින ජීප් රත විස්සක් පමණ කණ්ඩායම ගමන් ගන්නා බස් රථ දෙක ආවරණය කරමින් එන විට හෙලිකොප්ටර් දෙකක් ගුවනේ සිට ආරක්ෂාව සපයනු ලබයි. අඩි විස්සෙන් විස්ස පාර දෙපස පොලිස් නිලධාරීන් යොදවා ඇති අතර එහිදී ක්‍රීඩාංගණයේ සිට ඔවුන් නැවතී සිටින හෝටලය දක්වා ඇති කිලෝ මීටර් විස්සක පමණ දුර දක්වා එම ආරක්ෂාව සපයා තිබේ. මීට අමතරව පොලිස් මෝටර් සයිකල් සහ සිවිල් ආරක්ෂාවද කණ්ඩායමට යොදවා තිබේ.

2009.03.03 වැනිදා ශ්‍රී ලංකා පිලට ලාහෝර් නුවරදී එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරය හේතුවෙන් මෙම ආරක්ෂාව සපයා දීමට පාකිස්තානය කටයුතු කර ඇති අතර එම ආරක්ෂාව සම්බන්ධයෙන් ලොව සියලූම අවධානය මේ වන විට යොමුව තිබේ.