පාකිස්තානය පරදවන්න ශ්‍රී ලංකා ක්‍රිකට් පිල පාපන්දුවෙන් රත්වෙයි

පාකිස්තානයට එරෙහිව පළමු වරට විස්සයි විස්ස තරගාවලියක් ජයග‍්‍රහණය කිරීමේ ආසන්නයටම පැමිණ සිටින ශ්‍රී ලංකා පිල අද සවස්වරුවේ දෙවැනි තරගයට පෙර පුහුණුවක ලාහෝර් ක්‍රීඩාංගණයේදී නිරත වන අයුරු ශ්‍රී ලන්කන් ස්පෝට්ස් කැමරා කාචයේ මෙසේ සටහන් විය.

සියලූම ක්‍රීඩකයන් ඉතාමත් උද්යෝගිමත්ව ක්‍රීඩාංගණයට පැමිණි පසු පළමුව පාපන්දු ක්‍රීඩාවේ නිරත විය. එහිදී ක්‍රීඩකයන් දෙපසට බෙදී ගෝල ලබා ගැනීමට උත්සහ කළ අතර මේ පුහුණුව පැය භාගයක් පමණ කාලයක් පැවැත්වුණි. අනතුරුව ඔවුන් පිතිකරණ, පන්දු යැවීමේ සහ පන්දු රැුකීමේ පුහුණුවල විදුලි ආලෝක මධ්‍යයේ නිරත විය. කෙසේ වෙතත් දෙවැනි විස්සයි විස්ස තරගය ජය ගනිමින් කලින්ම තරගාවලියේ ජය සාක්කුවට දමා ගැනීමට සියලූම ක්‍රීඩයන් අපේක්ෂාවෙන් සිටින බව ධනුෂ්ක ගුණතිලක පුහුණුවීම් අතරතුරදී අප සමග පැවසීය.