ඕමාන් – ශ්‍රී ලංකා හොකී තරගාවලියකට ක්‍රියාකාරී කමිටුවක්.

දෙරට අතර මිත්‍රත්වය ඉහළ නැංවීමේ පරමාර්ථය පෙරදැරිව ශ්‍රී ලංකාව සහ ඕමානය අතර
හොකී තරගාවලියක් 2021 දෙසැම්බර් මස පැවැත්වීමට ඕමාන් හොකී සම්මේලනය තරුණ හා
ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා වෙත එකඟතාවය පලකර ඇත.
ඒ අනුව සීඑච්. ඇන්ඩ් එෆ්සී. ක්‍රීඩා සමාජයත්, ත්‍රිවිධ හමුදා සහ පොලිස් ක්‍රීඩා සමාජ එකාබද්ධව
ආරක්ෂක සේවා කණ්ඩායමක් තෝරා ගැනීම මඟින් මෙම හොකී තරගාවලියට ක්‍රීඩා සමාජ
02 ක් සහභාගී කරවීමට බලාපොරොත්තු වේ.
මෙම තරගාවලියේ කටයුතු ඉතා සාර්ථකව සංවිධානය කරගැනීමට හා තරගාවලිය පැවැත්වීම
සදහා තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ක්‍රීඩා සංවර්ධන
දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා විසින් අද (01) දින තිවංක
විජේරත්න මහතාගේ සභාපතීත්වයෙන් යුතු ක්‍රියාකාරී කමිටුවක් පත් කරන ලදි.
එම කමිටුවේ සාමාජිකයන් පහත පරිදි වේ.

තිවංක විජේරත්න මයා (සභාපති) , ඉම්රාන් ගවුස් මයා, අරූෂ් සලීම්ඩින් මයා, වෛද්‍ය රුවන්
තුෂාර මැටිවලගේ මයා, කොමදෝරු ටී.එම්.ඒ.ඒ.තෙන්නකෝන් මයා , පොලිස් පරීක්ෂක
එන්.එන්.ඩී.අල්විස් මයා , ආර්.ටී.අල්පොන්සු මයා (සහකාර අධ්‍යක්ෂ (ක්‍රීඩා)