සජිත්ගේ ජනරැළියකට ගල් ප්‍රහාරයක්

සමගි ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා අමතමින් සිටි ජනරැළියකට ඊයේ (29 වැනිදා) රාතී‍්‍රයේදී කිසියම් පිරිසක් විසින් ගල් ප‍්‍රහාරයක් එල්ල කර තිබේ. මෙසේ ගල් ප්‍රහාර එල්ල කර ඇත්තේ රත්මලාන ප‍්‍රදේශයේදී සංවිධාන කළ ජන රැළියකට වේ.
සිද්ධිය සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු ඊයේ රාති‍්‍රයේදීම අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් අයෙකු අද උදෑසන පොලීසියට භාරවී තිබේ.