පිතිකරුවෝ නැගී සිට තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරති

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සහ කෙන්ට් ප්‍රාන්ත කණ්ඩායම අතර පැවති පළමු සිව්දින ක්‍රිකට් තරගය  ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය.

තරගය ජය පරාජයෙන් තොරව නිමා වන විට සිය දෙවෙනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි කෙන්ට් ක්‍රීඩකයෝ එක් කඩුල්ලක් දැවී ලකුණු 200 ක් රැස්කර ගෙන සිටියහ.

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 658ක් ලෙස සිය පළමු ඉනිම අත්හිටුවූ අතර එහිදී පසු පෙළ පිතිකරුවන් සමඟ එක්වෙමින් සංතුෂ් ගුණතිලක නොදැවී ලකුණු 58ක් ලබා ගත්තේය. යසිරු රොද්‍රිගෝ සහ සංතුෂ් ගුණතිලක 9 වැනි කඩුල්ල සඳහා ලකුණු 75ක සම්බන්ධතාවක් පිහිටුවීමට ද සමත් වූහ.

ඒ අනුව ශ්‍රී ලංකා නැගී එන ක්‍රීඩකයින් කෙන්ට් කණ්ඩායමේ පළමු ඉනිමට වඩා ලකුණු 63ක් ඉදිරියෙන් සිටීමට සමත්ව සිටි අතර තරගය නිමාවන විට කෙන්ට් ක්‍රීඩකයෝ ලකුණු 137ක් ඉදිරියෙන් සිටියහ. කෙන්ට් කණ්ඩායමේ දෙවෙනි ඉනිම වෙනුවෙන් මාකස් ඕරියෝඩන් නොදැවී ශතකයක් සහ ජෝ ඩෙන්ලි නොදැවී ලකුණු 41ක් රැස් කරගෙන සිටියහ. ආරම්භක පිතිකරු ටවෙන්ඩා මුයේර් ලකුණු 56කට දැවී ගියේය.

ශ්‍රී ලංකා පළමු ඉනිමේදී නිෂාන් මධුසංඛ රැස් කළ ද්විත්ව ශතකයට අමතරව තවත් ශතක පහක් මෙම තරගය තුළ වාර්තා විණි.

ලකුණු සාරාංශය

කෙන්ට් කණ්ඩායම පළමු ඉනිම 595/8

ශ්‍රී ලංකා ලංකා නැගී එන කණ්ඩායම පළමු ඉනිම 658/9

කෙන්ට් කණ්ඩායම දෙවෙනි ඉනිම 200/1