මධුසමයට උඩින් ගිය යුවලගේ ගුවන් යානය බිම වැටෙයි

ශ්‍රී ලංකාවේදී මධුසමය ගත කිරීමට පැමිණි ලෙබනන් යුවලක් සැහැල්ලු ගුවන් යානයකින් සීගිරියේ සිට කොග්ගලට එමින් තිබියදී සිදුවූ කාර්මික දෝෂයක් හේතුවෙන් බිමට වැටී තිබේ. නව යුවල සහ නියමුවා දැඩි තුවාල ලබා තිබියදී මීගමුව රෝහලට ඇතුළත් කර ඇත.
සකුරායි ගුවන් සමාගමට අයත් මෙම සැහැල්ලු ගුවන් යානය කිඹුලාපිටිය දාගොන්න පත්තෑයන්වත්ත පෙදෙසට ගොඩ බෑමට උත්සහ කිරීමේදී කොන්ක්‍රීට් මාර්ගයක වැදීමෙන් අනතුරුව පෙරළී නතර වී ඇත. මීට පෙරද මෙම ගුවන් සමාගමට අයත් යානා දෙකක් කාර්මික දෝෂ හේතුවෙන් හදිසියේ ගොඩබෑමට ලක්ව ඇතැයි වැඩිදුරටත් සඳහන් වේ. ශ්‍රී ලංකා ගුවන් හමුදාව අදාළ සිද්ධිය වූ ස්ථානයට ගොස් පරීක්ෂණ පවත්වා ඇති අතර සකුරා ගුවන් යානා මෙහෙයුම්ද නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා තිබේ.