ක්‍රිකට් නිලවරණය මැයි 20 වැනිදා

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2021-2023 කාලය සඳහා නව නිළධාරි මණ්ඩලය පත් කිරීම වෙනුවෙන් පැවැත්වෙන නිලවරණය ලබන මැයි 20 වැනිදා පැවැත්වීමට තීරණය කර තිබේ. ඒ අනුව නිලවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම මෙම මස 24 වැනිදායින් අවසන් වන බව ක්‍රිකට් ආයතනය සඳහන් කර සිටී.
ක්‍රිකට් නිලවරණය වෙනුවෙන් නිලවරණ කමිටුවක් පත් කිරීම පසුගියදා සිදු කෙරුණු අතර එම කමිටුව සඳහා විශ්‍රාමලත් අභියාචනාධිකරණ විනිසුරු මාලනි ගුණරත්න, මහාධිකරණ විනිසුරු ශිරෝමි පෙරේරා, අමාත්‍යජශ ලේකම්වරයෙකු වන අචාර්යය ඩී. එම්. ආර්. දිසානායක යන මහත්ම මහත්මීහු ඇතුළත් වෙති.