අර්ජුන් මහේන්ද්‍රන් මුදා හැරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තුන් තීන්දුව දූෂිත එකක්!

The decision of the Colombo High Court three-member bench to release Arjun Mahendran is corrupt!

අර්ජුන් මහේන්ද්‍රන් මුදා හැරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තුන් තීන්දුව දූෂිත එකක්!

මහබැංකු බැඳුම්කරසිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් දස දෙනෙකුට එරෙහිව පොදු දේපළ පනත යටතේ ඉදිරිපත් කර තිබූ චෝදනා පවත්වාගෙන යාමට නොහැකි බැවින් ඔවුන් මුදා හරින ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ලබාදුන් නියෝග ක්‍රියාත්මක වීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඊට අමතරව මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පැවැත්වෙනනඩු විභාගය ද අත්හිටුවන ලෙස දන්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තවත් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇති බවයි වාර්තා වුණේ.
අදාල ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලෙන් නියෝගවලට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබූ අභියාචනා පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කළා.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නවාන අධිකරණය හමුවේ කරුණු දක්වමින් ද සඳහන් කර තිබුණේ විත්තිකරුවන්ට එරෙහිව පොදු දේපොළ පනත යටතේ ගොනු කෙරුණු චෝදනා පවත්වාගෙන යාමට නොහැකි බවට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තුන් තීන්දුව දූෂිත එකක් බවයි.
එබැවින් අදාළ තීන්දු බලරහිත කරන ලෙස ඉල්ලමින් නීතිපතිවරයා විසින් මෙම විශේෂ අභියාචනා පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබෙනවා.