අධ්‍යාපන අමාත්‍යංශයේ වැය ශීර්ෂය සඳහා රුපියල් බිලියන 237ක මුදලක්

This year's budget provides an amount of 237 billion rupees for the education ministry

මෙවර අයවැය මඟින් අධ්‍යාපන අමාත්‍යංශයේ වැය ශීර්ෂය සඳහා රුපියල් බිලියන 237ක මුදලක්

මෙවර අයවැය මඟින් අධ්‍යාපන අමාත්‍යංශයේ වැය ශීර්ෂය සඳහා රුපියල් බිලියන 237ක මුදලක් වෙන් කිරීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.
එම ප්‍රමාණය අධ්‍යපානය වෙනුවෙන් වෙන්කල සමස්ත මුදල නොවන බවත් පළාත් සභා යටතේ වෙන්වන වැය ශීර්ෂය හරහා ද පළාත් නවය ආවරණය පරිදි අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රාග්ධන හා පුනරාවර්තන වියදම් සඳහා වෙනම ම මුදල් වෙන් වන බවත් අමාත්‍යවරයා කියනවා.

2024 පෙබරවාරි 19 වනදා නව වසරේ පළමු පාසැල් වාරය ආරම්භ කරන බව සඳහන් කළ අමාත්‍යවරයා, ඒ අනුව පළමු වසරේ සිට එකොළහ වසර දක්වා විෂය නිර්දේශයන් එම වසර තුළම අවසන් කිරීමට හැකි බවයි සඳහන් කරන්නේ.