රාජපක්ෂ කඳවුර දූෂිත බව මුල සිටම දැන සිටි බව කියන දිලිත් ජයවීර

තමන් රාජපක්ෂලාගේ අගුපිල්වල රිංගූ මිනිහෙකු නොවන බව ව්‍යාපාරික දිලිත් ජයවීර පවසා ඇත. ඔහු පවසන්නේ තමන් රාජපක්ෂලාගෙන් කිසිදු උදව්වක් නොගත් අයෙකු බවයි.

දිලිත් ජයවීර යනු උඩින් පාත් වූ අයෙකු නොවන බව පවසන දිලිත් ජයවිර මහතා තමන්ට හොද දේශපාලන පරිචයක් ඇති බව කියා සිටී. වෙහෙස මහන්සියෙන් තමන් උපයා ගනු ලැබූ සමාජ ප්‍රාග්ධනයත්, ව්‍යාපාර ජාලය අත්කරගත් කීර්ති
නාමයත් මේ වන විට අභියෝගයකට ලක්ව ඇති බව පවසන දිලිත් ජයවීර මහතා තමන් සෘජුව දේශපාලනයට සම්බන්ධ වීමට තීරණය කළේ ඒ නිසාම යැයි පවසා ඇත.

රාජපක්ෂ කඳවුර දූෂිත බව තමන් මුල සිටම දැන සිටි බව කියන දිලිත් ජයවීර මහතා ඒ මොහොතේ රාජපක්ෂලා වෙනුවට වෙනත් විකල්පයක් නොතිබුණු බවයි කියන්නේ. තමන් ගෝඨාභය රාජපක්ෂ මහතාව ම ජනාධිපති කිරීමට කැපවුණේ ඒ නිසා යැයි ඔහු සඳහන් කරයි.