කොරෝනාවෙන් පසු පළමු විදේශීය සංචාරක පිරිස මත්තලට පැමිණෙයි

කොරෝනා වෛරස් තත්වය හේතුවෙන් විදේශීය සංචාරකයන් සදහා වසා තිබූ මෙරට ගුවන් තොටුපළ අද (28 වැනිදා) නැවත විවෘත කෙරණි. ඒ අනුව මාස 09 කට පසුව නැවත විවෘත කෙරණු ගුවන් තොටුපළේ පළමු සංචාරකයන් පිරිස ලෙස යූක්‍රේනයේ සංචාරකයන් 185 දෙනෙකු රැගෙන විශේෂ ගුවන් යානයක් අද දින පස්වරු 2.07 ට මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණි බව සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ මෙහෙයුම් අධ්‍යක්ෂ ෂෙහාන් සුමනසේකර ප්‍රකාශ කර සිටී.