අලෙවි කිරීමට නොහැකි වූ මාලු තොග රජයෙන් මිලට ගනී

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් අලෙවි කිරීමට නොහැකිව ධීවරයින් සතුව පවතින මාලූ තොග සියල්ල ඉදිරි දින 4ක් තුල මිලදී ගෙන අවසන් කිරීමට ආණ්ඩුව තීරණය කර තිබේ.
මිනුවන්ගොඩ කොරෝනා පොකුරෙන් පසු පෑලියගොඩ මත්ස්‍ය වෙළ`ද පොල ආශ‍්‍රීතව කොරෝනා පොකුරක් බිහිවීමත් සමඟ මත්ස්‍ය අස්වැන්න අලෙවි කර ගැනීමට ගැටළු මතුවු අතර ඊට එක් හේතුවක් ලෙස ප‍්‍රධාන වරායන් ආශ‍්‍රිත ධීවර කටයුතු තාවකාලිකව නතර කිරීම බලපෑවේය. ඒ අනුව මෙලෙස මිලදී ගන්නා මත්ස්‍ය තොග ඉදිරියේදී සැමන් නිෂ්පාදනයට යොදා ගන්නා බව බහුදින ධීවර කටයුතු සහ මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.