හිරේ සිටි කොටි 13 ක් ගෙදර යයි

රැඳවුම් භාරයේ සිටි හිටපු කොටින් 13 දෙනකු රජය මගින් නිදහස් කර ඇත. ගුවන් යානාවලට ප‍්‍රහාර එල්ලකිරීම ඇතුළු විවිධ අපරාධ සම්බන්ධයෙන් මොවුන් රැඳවුම් භාරයේ රඳවා තිබුණි. එහෙත් මෙම හිටපු කොටි රැඳවියන් නිදහස්වීම කෙරෙහි කැමැත්තක් දක්වා නැත.

රැඳවුම් භාරයේ සිටින කාලයේදී බන්ධනාගාරයේදී මොවුන්ට අවශ්‍ය භාණ්ඩද, අමතර ආහාර ද්‍රව්‍ය ලබා ගැනීම සහ පවුල් නඩත්තු කිරීම සඳහා අරමුදල් සපයන ලද්දේ ද බිත‍්‍රාන්‍ය කොටි ඩයස්පෝරාවෙනි.

එහෙත් මොවුන් නිදහස්වීම නිසා එම අරමුදල් නතර වේ. රජය මෙයට පෙර ගුවන් යානාවලට මිසයිල ප‍්‍රහාර එල්ල කළ තබෝරූබන් ඇතුළු කොටි 10 දෙනකු මුදාහැර තිබුණි.

නිදහස් වූ කොටි බි‍්‍රතාන්‍ය හා ස්විස් තානාපති කාර්යාලවලින් දේශපාලන රැකවරණ පතා ඇත.