කොරෝනා ආසාදිත කාන්තාව සේවය කළ ආයතනය මුද්‍රා තබා වසා දමයි

කොරෝනා වෛරසය ආසාදනය වූ දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාව සේවය කළ මිනුවන්ගොඩල යකාදුව ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පෙළේ ඇඟළුම් කර්මාන්ත ශාලාවක් මේ වනවිට මුද්‍රා තබා වසා දැමීමට පියවර ගෙන තිබේ. ආසිදිත කාන්තාව සේවය කළ ඇඟළුම් කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් 400 දෙනෙකු සේවය කළ ඇති අතර මේ වන විට එම පිරිසට සහ ඔවුන්ව නිවැසියන් වෙත ගොස් දැනුවත් කිරිමේ වැඩකටයුතු ආරම්භ කොට ඇති බවට සෞඛ්‍ය අංශ සඳහන් කර සිටී.
මීට අමතරව මෙම සේවිකාව සමග බස් රථයේ ගමන් කළ 40 දෙනෙකු පමණ ස්වයං නිරෝධායනයට යොමු කොට ඇති බවද සෞඛ්‍ය බලධාරීන් වැඩිදුරටත් කියා සිටී. තවද
ආසාදිත කාන්තාවගේ පවුලේ සාමාජිකයින් වන ඇයගේ ස්වාමිපුරුෂයා, දරුවන් සිව්දෙනා සහ ඇයගේ පියා මේ වන විට නිරෝධායනයට යොමු කොට ඇති බවට සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරයි.