1දා සිට කොවිඩ් එන්නත් කාඩ්පත ළඟම තියාගන්න වෙයි

Washington, DC, USA - Closeup view of December, 23, 2020: COVID-19 Vaccination Record Card by CDC on blurred documents background.

ජනවාරි 1 වැනිදා සිට පොදු ස්ථානවලට පැමිණෙන පුද්ගලයින්ට කොවිඩ් එන්නත් කාඩ්පත අනිවාර්ය කරන
බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

කොවිඩ්-19 ට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීමට මෙරට බොහෝ පුද්ගලයින් කටයුතු නොකිරීම
හේතුවෙන් එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමට තීරණය කළ බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත.

නව නීතිය අනුව පුද්ගලයන් කොවිඩ් එන්නත් කාඩ්පත හෝ එහි පිටපතක් තමන් ළඟ තබාගත යුතුය.
එසේත් නැතහොත් QR කේතය සහිත ඩිජිටල් එන්නත් කාඩ්පතේ පිටපතක් ළඟ තබාගත යුතුය.
මේ අතර සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ද අද පැවති ජන හමුවකදී මෙම තීරණය ප්‍රකාශයට පත්
කළේය.